Samurdhi Logo

Department of Samurdhi Development

Ministry of Rural Development,Social Security and Community Empowerment

Sri Lanka Logo

Department of Samurdhi Development

COSP18 සැසියට ඇමති උපාලි පන්නිල දිවයිනෙන් යයි

COSP18 සැසියට ඇමති උපාලි පන්නිල දිවයිනෙන් යයි

එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ පාර්ශව රාජ්‍යන්ගේ 18 වන සැසිය (COSP18) නියෝජනය කිරීම සඳහා මෙවර සැසියේ සභාපති ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා දිවයිනෙන් පිටත්ව යයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ පාර්ශව රාජ්‍යන්ගේ 18 වන සැසිය (COSP18)  සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අද (08)  පෙරවරු  6.45 පමණ දිවයිනෙන් පිටත්විය.

ජුනි 10 සිට 12 දක්වා දින 3ක් ඇමරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී මෙම සමුළුව පැවැත්වීමට නියමිතයි.

මෙවර එහි තේමාව වන්නේ ” සමාජ සංවර්ධනය සඳහා ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් හා දායකත්වය පිළිබඳ මහජන අවබෝධය වැඩිදියුණු කිරීම” යන්නයි.

මෙවර සැසියේ විශේෂත්වය වන්නේ ආසියා පැසිපික් කලාපය නියෝජනය කරමින් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව එහි සභාපතිත්වය ඉසිලීමයි.

පාර්ශව රාජ්‍යන් 190ක නියෝජිතයන් මෙම සමුළුව සඳහා සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ජුනි 10 වනදා  සැසිය ඇමතීමට නියමිතයි.

වැඩිදුර විස්තර >>> https://www.dinamina.lk/2025/06/08/breaking-news/193642

×